ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වී සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොයීන් අලි හට කොවිඩ් -19 වැළඳී ඇත.
එංගලන්ත කණ්ඩායම මත්තල ගුවන්තොටුපළින් පසුගියදා මෙරටට පැමිණි අතර එහිදී ඔවුන්ව PCR පරීක්ෂණ සඳහා යොමු කරන ලදුව ඔහු ආසාදිත බව එහිදී තහවුරු වී තිබේ.
ඒ අනුව, මොයීන් අලි දින 10ක් නිරෝධායනය සඳහා ගාල්ලට යැවීමට ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් තරඟය ජනවාරි 14 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අරම්භවීමට නියමිත අතර එම තරඟයට මොයීන් අලී ක්‍රීඩා නොකරනු ඇත.
මේ අතර, මොයීන් ගේ ආශ්‍රිතයෙක් ලෙස සලකා වේග පන්දු යවන ක්‍රිස් වෝක්ස් ට ද ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.
එංගලන්ත කණ්ඩායම පුහුණුවීම පවතින තත්ත්වය හේතුවෙන් පුහුණුවීම් බදාදා සිට ඇරඹීමට තීරණය කර ඇත.