තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ කටයුතු ඇමති ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා හෙට (05) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ඒ මහතා මෙරටට පැමිණෙන්නේ ශ්‍රීලංකා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයකට අනුවය. 2021 වසරේ ශ්‍රීලංකාවට පැමිණෙන ප්‍රථම විදේශ අමුත්තා ඉන්දීය විදේශ ඇමැතිවරයාය. ඉන්දීය අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
previous post