27 C
Colombo
07/11/2024

මේ සතියේ තවත් ශ්‍රි ලාංකිකයින් 1,400 දෙනෙකු යලි දිවයිනට

Share with your friends :

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ විදෙස් රටවල අගුලු දැමීම්, හුදකලා කිරීම්, ඇඳිරි නීතිය සහ ගුවන් අවකාශය වසා දැමීම් හමුවේ අසරණව සිටින තවත් ශ්‍රී ලාංකිකයින් 68,000ක පමණ පිරිසක් දිවයිනට පැමිණීමේ අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනගතව සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
එවැනි තත්ත්වයක් හමුවේ වුවද , පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සිට මේ දක්වා රටවල් 137ක රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 60,470 දෙනෙකු දිවයිනට ගෙන්වා ගැනීමට රජය පියවර ගත් බවද විදේශ අමාත්‍යංශය කියා සිටී.
මෙසේ ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් අනුව අඛණ්ඩව සිදු කරන අතර ගෙන්වා ගනු ලැබූ ලාංකිකයින් අතුරෙන් ඉන් වැඩිම පිරිසක් මැදපෙරදිග කලාපයෙන් ගෙන්වාගෙන ඇත.
විදේශයන්හි පවතින තත්වය, සේවයෙන් ඉවත් කිරිම් ආදී කරුණු හේතුවෙන් මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත.
ශ්‍රීලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් අතරින් ප්‍රධාන වශයෙන් මැදපෙරදිග කලාපයෙන් පැමිණි සංක්‍රමණික ශ්‍රමිකයින් 40,000 කට අධික සංඛ්‍යාවක් මේ දක්වා මෙරටට පැමිණ තිබේ.
යුරෝපය, අප්රිඅකාව, ආසියාව සහ ලතින් ඇමරිකානු කලාපවලින් තවත් ශ්‍රී ලාංකිකයන් 20,000 ක් පමණ මෙරටට පැමිණ ඇත.
එසේම මෙම සතිය තුළදී චෙන්නායි, මෙල්බන්, කුවේට්, දෝහා, ටොරන්ටෝ, සයිප්‍රස් සහ ඩුබායි හි සිට ශ්‍රි ලාංකිකයින් 1,400 දෙනෙකු දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

Share with your friends :