27 C
Colombo
24/11/2024

වසර ගණනාවක සටනකට පසු ආර්ජන්ටිනාව ගබ්සාව නීතිගත කරයි

Share with your friends :

ආර්ජන්ටිනාව ගබ්සාව නීතිගත කර තිබේ. මේ අනුව දරුවකු පිළිසිඳ ගැනීමෙන් සති 14 ක් දක්වා ගබ්සාවන් සිදු කරගන්නට ආර්ජන්ටිනා කාන්තාවන්ට අවස්ථාව ලැබේ.මේ සඳහා එරට සෙනෙට් මණ්ඩලයට ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද 38 -29 ක් ලෙස සම්මත විය. මේ සඳහා එරට කාන්තාවන් දැඩි සටනක් ගෙන ගිය අතර ඡන්ද විමසීම ජය ගැනීමත් සමග එරට ජනතව වීථි බැස ජය ඝෝෂා නැගූහ.
එරට කතෝලික පල්ලිය ගබ්සාවට එරෙහිව ඡන්දය භාවිතා කරන ලෙස සෙනෙට් සභිකයන්ගෙන් ඉල්ලා තිබිණි. මේ දක්වා එරට ගබ්සාවන් සඳහා අවසර තිබුනේ ස්ත්‍රී දුෂණයක් සිදුවූ විට හා දරු ගැබ මවගේ සෞඛ්‍යට අහිතකර නම් පමණි.

Share with your friends :