27 C
Colombo
24/11/2024

බහු ජාතික සමාගමක ප්‍රසිද්ධ මෝල්ට් පානයක පාම් ඔයිල් අඩංගු බව හෙළිවේ

Share with your friends :

මෙරට ජනතාව අතර ප්‍රසිද්ධ මෝල්ට් ආහාරමය පානයක පාම් ඔයිල් අඩංගු බව හෙළිවී තිබේ. ලොව ප්‍රකට බහුජාතික සමාගමක ශ්‍රිලංකාවේ ශාඛාවේ නිෂ්පාදනය වන මෙම මෝල්ට් ආහාරමය ද්‍රව්‍යයේ පාම් ඔයිල් අඩංගු බව එහි කවරයේද සඳහන්වේ.
කටුපොල් ගසෙන් ලබා ගන්නා තෙල් වර්ගය වන පාම් ඔයිල් හේතුවෙන් විවිධ සෞඛ්‍ය ගැටළු ඇතිවන බවට බොහෝදෙනා චෝදනා කරති. ශ්‍රීලංකාවේ පාම් ඔයිල් භාවිතය වැඩිවීම මෙරට ජනතාව අතර බෝනොවන රෝග වැඩිවීමට ඍජුව බලපා ඇතැයි පැවසේ.
රජය මෙරට පොල්තෙල් භාවිතය වැඩි කර පාම් ඔයිල් භාවිතය නවතාලීම සඳහා වැඩපිළිවෙල රැසක් ගෙන ඇතත් මහාපරිමාණ ව්‍යාපාරිකයන් දිගින් දිගටම පාම් ඔයිල් ප්‍රවර්ධනයේ සහ කටු පොල් වැවීමේ යෙදී සිටිති. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටු පොල් වගාව මෙරට තහනම් කිරීමට දැඩි තීරණයක් ගෙන තිබියදීත් තවමත් ඇතැම් සමාගම් හොරෙන් කටුපොල් වගා කිරීමේ නිරත වන බව සඳහන්ය.

Share with your friends :