විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බදාදා (21) සහ බ්‍රහස්පතින්දා (22) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනේ.
මෙම දින දෙකේම දිවා ආහාරය සඳහා වෙන් කර තිබෙන විවේක කාලය ද අහෝසි කිරීමට තීරණය වී තිබේ.
පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු සාමාන්‍යයෙන් අවසන් වන්නේ පස්වරු 4.30ට නමුත් මෙම විවාදය වෙනුවෙන් එම දින දෙකේම පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු තවත් පැය 3කින් දීර්ඝ කිරීමට ද නියමිතය.
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අවසන් ඡන්ද විමසීම 22 වැනිදා පස්වරු 7.30ට පැවැත්වේ.