හෙට දිනයේදී මෙරටට පැමිණීමට නියමිතව තිබු රුසියානු සංචාරකයන් රැගත් පළමු ගුවන් යානයේ ගුවන් ගමන කල් දමා තිබේ. හෙට (26) සිට ගුවන් තොටුපල විදේශ සංචාරකයන් සඳහා විවෘත කිරීමට රජය තීරණය කර තිබුනි. කොවිඩ් වසංගතය හේතුවෙන් අඩපන වී ඇති සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කිරීම මෙහි අරමුණ විය.
මෙම තීරණය ක්‍රියාවට නංවමින් හෙට දිනයේදී පළමු සංචාරක පිරිස ලෙස රුසියානුවන් 200 ක කණ්ඩායමක් මෙරටට පැමිණීමට නියමිතව තිබිණි. Aeroflot ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඔවුන් කටුනායක ගුවන් තොටපුල වෙත පැමිණීමට නියමිතව තිබුණි,.
කෙසේ නමුත් ඔවුන්ගේ පැමිණීම හදිසියේ අත්හිටුවා ඇති අතර ඊට හේතුව වී තිබෙන්නේ මේ වනවිට මහා බ්‍රිතාන්‍යය ඇතුළු යුරෝපා රටවල පැතිර යන කොවිඩ් 19 වෛරසයේ නව වෛරස ප්‍රභේදයයි.