සතොස ආයතනයේ සභාපති ලෙස කටයුතු කල නුෂාඩ් පෙරේරා මහතා එම ධුරයෙන් ඉවත් කර තිබේ.
වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සභාපතිවරයා සේවයෙන් ඉවත් කර ඇති අතර වෙළඳ අමාත්‍යංශ ලේකම් භද්‍රානි ජයවර්ධන එම ආයතනයේ වැඩ බලන සභාපතිවරයා ලෙස පත් කර ඇත.
එමෙන්ම ලක් සතොස ආයතනයේ සභාපති ධුරයෙන් ද ඉල්ලා අස්වන්නැයි නුෂාඩ් පෙරේරා මහතාට දැනුම් දී ඇත. පසුගිය දිනවල සභාපතිවරයාට විවිධ චෝදනා එල්ලවූ අතර ඇමතිවරයා හා සභාපතිවරයා අතර ගැටුම්කාරී තත්වයක්ද ඇතිවී තිබිණි.