වැලිකඩ බන්ධනාගාරය එම ස්ථානයෙන් ඉවත් කිරීමට රජය සුදානම්වේ.හොරණ ප්රදේශයේ පිහිටි අක්කර 250ක භූමියකට එම බන්ධනාගාරය ගෙන යාමට සැලසුම් කර ඇති අතර
දැනට අක්කර 48ක් පුරා පිහිටා ඇති වැලිකඩ බන්ධනාගාරය පිහිටි බොරැල්ලේ භුමිය ඉතා ඉහළ වාණිජ වටිනාකමක් ඇති භූමියක් නිසා එය සංවර්ධන යෝජනා ක්රමයක් සඳහා භාවිත කිරීමට නියමිතය.
කෙසේ වෙතත් මේ සමග දැනට කොළඹ නගරයේ පිහිටා ඇති අධිකරණ සඳහා හොරණ සිට සිරකරුවන් රැගෙන ඒමේදී ඒ සඳහා වන දුර සහ සිරකරුවන්ගේ ආරක්ෂාව දැඩි ගැටළුවක් වනු ඇත. එසේම සිරකරුවන් කොළඹින් ඈත ප්රදේශයකට රැගෙන යාම ඔවුන්ගේ ඥාතීන්ටද බරපතල අපහසුතා ඇති කරනු ඇත. එසේම නීතීඥවරුන් හා නීති ක්ෂේත්රයේ සෙසු අංශවලටද මෙය බරපතල ගැටළු ඇති කරනු ඇත.
previous post