27 C
Colombo
24/11/2024

සභාපති තදින් – ටෙලිකොම් වෙනස කල් යයි – හිල්ටන් හෝටලයේ සාදයක්

Share with your friends :

රුපියල් මිලියන දහසක වියදමින් සිදු කරන්නට ගිය ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනයේ නාමය හා සන්නාමය වෙනස් කිරීමේ කටයුත්ත තාවකාලිකව නවතා දමා තිබේ. ඒ සඳහා වැය වන මුදල හා මේ අවස්ථාවේ එවැනි කටයුත්තක අවශ්‍යතාවය සම්බන්ධයෙන් මාධ්‍ය හරහා සිදුකල හෙළිදරව් කිරීම් හමුවේ මේ කටයුත්ත මෙසේ තාවකාලිකව නතර වී තිබේ.
මේ අතර ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනයේ වංචා දුෂණ වලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට එහි සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා තීරණය කර තිබේ. ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනයේ ඉහලම නිලධාරීන් කීපදෙනෙකු පසුගියදා තමන් වෙත කැඳවු සභාපතිවරයා ඔවුන්ට ඇති චෝදනා සම්බන්ධයෙන් දැනුම් දෙමින් වෘත්තීය සමිති සමග ගැටුම් ඇති කර නොගන්නා ලෙසට දැනුම් දී තිබේ. එවැනි ගැටුම් නිසා තමන්ද අපහසුතාවයට පත්වන බවත් තවදුරටත් ඔවුන්ට චෝදනා එල්ල වන්නේ නම් තමන්ට යම් යම් තීරණ ගැනීමට සිදු වනු ඇතැයිද සභාපතිවරයා දැනුම්දී තිබේ.
පසුව වහාම කලබලයට පත් මේ ඉහලම නිලධාරීන් වහාම කොළඹ හිල්ටන් හෝටලයේ දී ටෙලිකොම් ඉහලම නිලධාරීන්ට සාදයක් පවත්වා තිබේ. එහිදී සංගමයක්ද පිහිටුවා ගෙන ඇති අතර එම සංගමයේ ප්‍රධාන නිලතල කීපයකටම පත් කර ගෙන ඇත්තේ පසුගිය කාලයේ විවිධ චෝදනා ගනනාවකට ලක්වූ අය වීම විශේෂත්වයකි. වෘත්තීය සමිති වලින් හෙළිදරව් කරන කරුණු සම්බන්ධයෙන් සාමුහිකව මුහුණදීමේ අවශ්‍යතාවයද මෙම සාදයේදී දීර්ග ලෙස සාකච්ඡා වී තිබේ. මේ අතර වෘත්තීය සමිති පවසන්නේ මේ සාදය සඳහා කොරෝනා නීති වල සඳහන් සංඛ්‍යාවට වඩා වැඩි පරිසක් සහභාගී වී තිබු බවය.

Share with your friends :