ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක වීරාත් කෝලි සිය බිරිඳ අනුෂ්කා ශර්මාගේ පළමු දරු ප්‍රසුතිය සඳහා ඉන්දීය- ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය අතර මැද නිවාඩු ලබා ගෙන යලි ඉන්දියාව වෙත පැමිණ තිබේ. මෙම තරගාවලියේ සෙසු ටෙස්ට් තරග සඳහා ඉන්දීය කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ අජ්නික්යා රෙහෙනා විසිනි. ජනප්‍රිය සිනමා නිලි අනුෂ්කා සිය පළමු දරු ප්‍රසුතිය ලබන ජනවාරි මාසයේ සිදු කිරීමට නියමිතව තිබේ. මේ අතර විරාත් කෝලි හට මෙලෙස තරගාවලිය අතර මැද නිවාඩු ලබා දීමත් සෙසු ක්‍රීඩකයන්ට එවැනි අවස්ථා හිමි නොවීමත් සම්බන්ධයෙන් හිටපු ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් නායකයකු වන සුනිල් ගවසකාර් අදහස් දක්වා තිබේ.