ඊශ්‍රායලයේ සන්ධාන හවුල්කාර රජය බිඳ වැටී තිබේ. නව මහා මැතිවරණය 2021 මාර්තු 23 වැනිදා පැවැත්වීමට නියමිතය.
බරපතල වංචා දුෂන චෝදනා වලට මුහුණදී සිටින අගමැති බෙන්ජමින් නෙතන්යාහු මෙවරත් මහා මැතිවරණය ජය ගෙන හයවන වරටත් බලයට පත්වීමේ අපේක්ෂාවෙන් සිටී.
එරට වර්තමාන සභාග ආණ්ඩුව පසුගිය අප්‍රේල් මාසයේ පිහිටුවන ලද අතර 2021 වසරේ නොවැම්බර් මාසයේදී අගමැති නේතන්යාහු විසින් තම අගමැති ධුරය තම සභාගයේ අනෙක් ප්‍රධාන පක්ෂයේ නායකයා වන බෙනී ගෑන්ට්ස් හට ලබා දීමට මීට පෙර ගිවිස ගෙන තිබිණි.