27 C
Colombo
24/11/2024

පාම් ඔයිල් වෙනුවට පොල් තෙල් ප්‍රචලිත කිරීමට රජය තීරණය කරයි

Share with your friends :

පොල් මිල ඉහළයාම හේතුවෙන් දේශීය පොල් තෙල් නිෂ්පාදකයන් මුහුණ පා ඇති ගැටලුවලට විසඳුමක් ලෙස මාස තුනක කාලයක් සඳහා මාසයකට මෙට්‍රික් ටොන් 13,000 බැගින් කැබලි කරන ලද වියළි පොල් මද ආනයනය කිරීමට පියවර ගෙන ඇතැයි කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
ඒ අනුව කුරුට්ට සහිත කැබලි කරන ලද වියළි පොල් මද කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති බී.සී.සී ආයතනය හරහා ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කරයි.
රට තුළ පොල් නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් දැනට පොල් හා ඒ ආශ්‍රිත කර්මාන්තශාලා 500 ක පමණ නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යාම ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇති බැවින් මෙම පියවර ගත් බව ද ඇමතිවරයා පැවසීය.
රට තුළ පාම් ඔයිල් නිෂ්පාදනය අධෛර්යමත් කර පොල් තෙල් ප්‍රචලිත කිරීම රජයේ මූලික අරමුණක් බව කී රමේෂ් පතිරණ මහතා ඉදිරියේදී පිරිපහදු කළ පාම් ඔයිල් පමණක් ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට රජය තීරණය කර ඇතැයි ද සඳහන් කළේය.
පාම් ඔයිල් භාවිතය බොහෝ ලෙඩ රෝග වලට හේතුවන බව පැවසෙන අතර මෙරට පාම් ගස් වගා කිරීම නිසා එම ප්‍රදේශවල පස් නිසරුවීම හා පසේ ජලය සිඳී යන බව ද සඳහන්ය. එසේම පාම් ඔයිල් වගාව නිසා වතු කම්කරුවන් දහස් ගණනකට රැකියා අහිමිවී ගොස් තිබේ.

Share with your friends :