27 C
Colombo
24/11/2024

පළාත් සභා මැතිවරණය ගැන ආණ්ඩුවේ විවිධ මත

Share with your friends :

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් රජය තුල විවධ මත කීපයක් ඇතිවී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ආණ්ඩුවේ ප්‍රබලයන් පිරිසක් පෙන්වා දී ඇත්තේ රටත් ජනතාවත් ආර්ථික වශයෙන් අපහසුවට ලක්ව සිටින මේ මොහොතේ පළාත්සභා මැතිවරණය පැවැත්වීම ජනතා විරෝධයකට හේතුවනු ඇති බවයි. එසේම බඩු මිල ඉහල යාම ආණ්ඩුවේ ජනප්‍රියත්වය කෙරෙහි ගැටළු මතු කරන බව තවත් පිරිසක් පෙන්වා දී තිබේ. එසේම ආණ්ඩුවේම ප්‍රබල පිරිසක් පළාත්සභා ක්‍රමය පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් විරෝධය පා තිබේ. කෙසේ වෙතත් ආණ්ඩුවේ බහුතර මතය වී ඇත්තේ ලබන වසරේ මාර්තු මාසයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට පෙර පළාත්සභා මැතිවරණය පවත්වා ඉන් ජයගෙන ආණ්ඩුවේ ජනතා බලය සම්බන්ධයෙන් ලොවටම පෙන්විය යුතු බවය.

Share with your friends :