ලබන දෙසැම්බර් 26 වැනිදා කටුනායක ගුවන්තොටුපල විවෘත කල වහාම රුසියාව හා ඒ ආසන්න රටවල් ,ජර්මනිය සහ ඉන්දියාව සංචාරකයන් මෙරටට එවීමට සුදානමින් සිටිති.
මේ වන විට යුක්රේන් , රුසියාව හා කසකස්ථානය යන රටවලින් ලබන 26 වැනිදා සිට දිනපතා සංචාරකයින් මෙරටට පැමිණීමට නියමිතව තිබේ. මෙම රුසියානු සංචාරකයින් දින අටක් පමණ මෙරට රැඳී සිටීමට නියමිත අතර ඔවුන් ප්රධාන වශයෙන් දකුනු පළාතේ හෝටල්වල නව තැන ගන්නා බව සඳහන්ය.මෙවුන් ශ්රීලංකාවට පැමිණීමට පැය 72 කට පෙර PCR පරීක්ෂාව කර ගත යුතු අතර ශ්රීලංකාවට පැමිණීමෙන් පසු නැවත වරක් PCR පරීක්ෂාවක් කර ගත යුතුවේ.