පළමු ශ්‍රේණියේ සිට 5 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු ජනවාරි මස 11 වැනි සඳුදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජි.එල්.පීරිස් මහතා පවසයි.
බස්නාහිර හා හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල පමණක් මෙලෙස පාසල් ආරම්භ කෙරේ.
එසේම පෙර පාසල් ද 11 වන දා යළි ආරම්භ කිරීමට නියමිතය. කෙසේ වෙතත් පවතින තත්වය මත දෙමාපියන් තම දරුවන් පාසල් යැවීමට මැලිකමක් දක්වති.