27 C
Colombo
24/11/2024

මාස්ක් නැතිව සෙල්ෆි ගැසූ චිලී ජනාධිපතිට ඩොලර් 3500 ක දඩයක්

Share with your friends :

මුව ආවරණ රහිතව සෙල්ෆියකට පෙනී සිටි චිලී රාජ්‍යයේ ජනාධිපති සෙබෙස්ටියන් පිනේරා හට කොරෝනා නීතිරීති කඩ කිරීමේ වරදට එරට බලධාරීන් විසින් ඩොලර් 3500 ක දඩයක් නියමකර තිබේ.
ඔහු තම ගම ප්‍රදේශය වන කචගුවා ප්‍රදේශයේ වෙරලක් අසලදී කාන්තාවක් සෙල්ෆියක් ගැනීමට ආරාධනා කල අතර ජනාධිපතිවරයා ආරාධනාව පිළිගනිමින් ඊට පෙනී සිටියේය. පසුව මෙය සමාජ ජාල ඔස්සේ වේගයෙන් ප්‍රචාරය වූ අතර ඊට ජනතා විරෝධය එල්ල විය. පසුව ජනාධිපතිවරයා තම කල වරදට සමාව ඉල්ලීය. එහෙත් බලධාරීන් විසින් ඔහුට දඩයක් නියම කරන ලදී . ඔහුට ගෙවන්නට නියම වූ මුදල ඩොලර් 3500 කි. එරට ජනාධිපතිවරයාට වුවද නීතිය එක ලෙස අදාළ වීම එරටේ විශේෂත්වයයි.
මේ වන විට එරට කොරෝනා ආසාදිතයන් 581135 කට අධික පිරිසක් හඳුනාගෙන ඇති අතර 16051 දෙනෙකු මිය ගොස් තිබේ.

Share with your friends :