27 C
Colombo
06/03/2025

ලංකාවේ එක් අයෙක් ලක්ෂ 13ක් ණයයි

Share with your friends :

රජයේ මූල්‍ය ප්‍රකාශනයට අනුව 2023 වර්ෂයේ දෙසැම්බර් මස 31 වන දින වන විට ගෙවිය යුතු මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 29,150කට අධික බව වාර්තා වේ.

එය 2022 වර්ෂයේ දෙසැම්බර් 31 වන දිනට සාපේක්ෂව සියයට 6.47ක වැඩිවීමක් බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

2023 වර්ෂයේ දී විදේශීය ණය රුපියල් මිලියන 8 ලක්ෂ 31,951ක් ලබාගෙන ඇති අතර භාණ්ඩාගාර බිල්පත් මඟින් රුපියල් මිලියන හැත්තෑ පන් ලක්ෂ 41,282ක් ද ලබාගෙන තිබේ.

ඒ අනුව 2023 වර්ෂයේ දී ලබාගෙන ඇති දේශීය විදේශීය ණය ප්‍රමාණය 2022 වර්ෂයට සාපේක්ෂව සියයට 67.4ක ඉහළ යාමක් බව සඳහන්ය.

රජයේ මූල්‍ය ප්‍රකාශනයට අනුව ඒක පුද්ගල ණය වටිනාකම ද 2023 වර්ෂයේ දී ඉහළ ගොස් ඇති අතර එය රුපියල් 13 ලක්ෂ 22,793ක් බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

2022 වර්ෂයේ ඒක පුද්ගල ණය ප්‍රමාණය 12 ලක්ෂ 34,358ක් වූ අතර එය වර්ෂයක් තුළ 88,435කින් හෙවත් සියයට 7.16කින් ඉහළ ගොස් තිබේ.

මේ අතර මේවන විට රට තුළ පවතින විදෙස් සංචිත ප්‍රමාණය ශක්තිමත්ව පවතින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

“5.6ක් වගේ තමයි ඉලක්කය තිබුණේ. අපි බිලියන 6.5ට වැඩි කරලා දැන් පරණ ණය ඔක්කෝම ගෙවලා ඉවර වුණාට පස්සේ, 2024 අවසන් වෙද්දි බිලියන 6.1ක් තියෙනවා. මේ අවුරුද්ද අවසාන වෙද්දි තියෙන්නේ බිලියන 7 දක්වා වැඩි කරගන්න. එය අපහසු කාර්යයක් නෙමෙයි. ණය ප්‍රතිව්‍යුහගතකරණය කරාට පස්සේ, බිලියන 3ක් සහ 4ක් තමා වැඩිම වුණොත් අවුරුදු 10ක් දක්වා ගෙවන්නේ. වසරකට ගෙවන්න තියෙන්නේ විදේශ ණයවලට අවශ්‍ය බිලියන 4ක් නම් අපි බිලියන 8ක් තියාගෙන ඉන්නවා නම් අපි හොඳ බෆර් එකක් තියාගෙන ඉන්නේ. ඒකට මුහුණදෙන්න සංචිතය ශක්තිමත්”

Share with your friends :