තමන් විදෙස් ගතවීමට යැමේදී කටුනායක ගුවන්තොටුපොළේදී ගුවන් ගමන් තහනක් ඇතැයි කියමින් එම ගමන් යෑම වැළැක්වීමට උත්සාහ දරන්නේ ඇයි දැයි උතුරේ දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රජයෙන් ප්‍රශ්න කරති.
පසුගිය දා ඉන්දියාවේ වෙන්නායි නගරයේ පැවැති උත්සවයක් සඳහා සහභාගි වීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් මහතා කටුනායක ගුවන්තොටුපොළ වෙත ගිය අවස්ථාවේදී ඔහුට ගමන් තහනම් ඇති බව කියමින් ගුවන්තොටු පොළ කාර්ය මණ්ඩලය විසින් ඔහුව ගුවන්තොටු පොළේ රඳවා තබාගෙන තිබේ.
තමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවත් තමන්ට ඇත්තේ රාජ්‍යතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් බවත් මන්ත්‍රීවරයා මෙහිදී එම කාර්ය මණ්ඩලයට පවසා ඇත.
තවද තමන්ට එවැනි ගුවන් ගමන් තහනමක් ඇත්නම් ඒ කවර හේතුවක් නිසාදැයි පැහැදිලි කරන ලෙසත් මන්ත්‍රීවරයා ගුවන්තොටු පොළ කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා තිබේ.
කෙසේ වෙතත් පසුව කටුනායක ගුවන්තොටු පොළ ඉහළ නිලධාරීන් වෙත මෙම සිදුවීම දැනුම්දීමෙන් පසුව ශ්‍රීධරන් මන්ත්‍රීවරයාට ඔහුට එවැනි ගුවන් තහනමක් නැති බව පවසමින් විදෙස් ගත වීමට අවසර ලබා දී තිබේ.
ඊට පෙර දිනක මෙවැනිම සිදුවීමකට ටෙලෝ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතාටත් මුහුණ දීමට සිදුවිණි.
බැවින් මෙලෙස උතුරේ දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදෙස් ගත වීම වැළැක්වීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළකර සිටින ඔවුහු මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන බවද කීහ.
ඉන්දියාවේ චෙන්නායිහි පසුගිය 11 හා 12 යන දිනයන්හිදී පැවැති ඩයස්පෝරා ව්‍යාපාරික සමුළුව සඳහා සහභාගි වන්නැයි තමිල්නාඩු මහ ඇමැති එම්. කේ. ස්ටාලින් මහතා විසින් ශ්‍රීධරන් මහතා ඇතුළු උතුරේ දෙමළ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුටම ඇරයුම් කර තිබිණි.