පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය හෝ පීඨ ශිෂ්‍ය සංගම් විසින් සිසුන් එක් රැස් කිරීම රැස්වීම පැවැත්වීම සිසුන් ඇමතිම යනාදිය සතියක් කාලයක් සඳහා සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.
විශ්ව විද්‍යාලයේ උප කුලපති විසින් මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුළු සියලුම පීඨ ශිෂ්‍ය සංගම් සභාපතිවරුන්ට ලිඛිතව මේ බව දැනුම් දී තිබේ.
මීට එරෙහිව ක්‍රියාකරන සියලු දෙනාට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බවත් අදාළ ලිපිය මගින් දැනුම් දී ඇත.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ පීඨ ශිෂ්‍ය සංගම්වලට සිසුන් එක් රැස්කිරීම, රැස්වීම් පැවැත්වීම, සිසුන් ඇමතීම හා රංචු ගැසීම කාලිකව අත්හිටුවීමට විශ්ව විද්‍යාල පාලන අධිකාරිය පියවර ගෙන ඇත.
සමුගැනීමේ සාදයක් අතර තුර ඇති වූ ගැටමකින් සිසුන් දෙදෙනකු තුවාලැබීම මෙම තීරණයට හේතුව බව විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පවසයි.
එම සිසුන් දෙදෙනා පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයේ සිටි එක් සිසුවකු ශල්‍ය කර්මයක් සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ.
එවැනි වාතාවරණයක් තුළ ඉකුත් 15 වැනි දින රාත්‍රී කාලයේදී නැවතත් සිසුන් එක්රැස්වී ගැටුමකට සූදානම් වන බවට විශ්ව විද්‍යාල පාලන අධිකාරියට වාර්තා වීමෙන් අනතුරුව විශ්ව විද්‍යාල පාලන අධිකාරිය ඒ පිළිබඳව අවධානය යොමු කොට සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිසත් විශ්ව විද්‍යාලයේ නීතිය හා සාමය කඩවීම වැළැක්වීමටත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත විභාග ආදිය කල්යාම වැළැක්වීමටත් ගැටුම ව්‍යාප්ත වීම අවම කිරීමටත් 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනතෙන් උපකුලපතිවරයාට පැවරී ඇති බලතල අනුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා ඉහත නියෝගය නිකුත් කොට තිබේ.
මේ සම්බන්ධයෙන් විරෝධය පල කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති විසින් මහා ශිෂ්‍ය සංගමය සහ පීඨ ශිෂ්‍ය සංගම් කැඳවීම අත්හිටුවීම හෙළා දකිමු !
2025/01/15 දින සිට සතියක කාල සීමාවක් පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමය සහ පීඨ ශිෂ්‍ය සංගම් කැඳවීම අත්හිටුවන ලෙසට උපකුලපති විසින් අත්තනෝමතික තීරණයක් ගෙන තිබේ. මෙවැනි සිදුවීම් පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ මේ වන විට ඉතා සුලභ වී ඇති බැවින් විශ්වවිද්‍යාලය තුළ මේ වන් විට ශිෂ්‍ය නිදහස අහිමි බව ඉතාමත් පැහැදිලි කරුණකි. ශිෂ්‍ය සංගම් පිහිටුවා ගැනීම විශ්වවිද්‍යාල පනත තුළින්ම ශිෂ්‍යයන්ට පවරා ඇති අයිතියක් වන අතර රැස්වීමේ, භාෂණයේ, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා මූලික අයිතිවාසිකම් ලෙස සලකයි. උපකුලපතිට පැවරී ඇති බලතල යැයි සඳහන් කරමින් සිදු කරන මෙවැනි ප්රජාතන්ත්රවාදය උල්ලංඝනය කිරීම් කිසිසේත්ම අනුමත කළ නොහැකිය. පරිපාලනයේ මෙවැනි ක්‍රියාකලාපයන් සේවය කරනුයේ පවතින ආණ්ඩු වල අවශ්‍යතාවයට බව පැහැදිලිවම සඳහන් කළ යුතුය. මීට දින කිහිපයකට පෙරද එක්තරා දේශපාලන සංවිධානයක් විසින් සංවිධානය කර තිබූ දේශනයක්ද අවලංගු කල පරිපාලනය ඊට හේතුව ලෙස සඳහන් කරනු ලැබුවේ ආණ්ඩුව විවේචනය වන මාතෘකාවක් යටතේ එම දේශනය සංවිධානය කර ඇති බවයි.
මෙම ආණ්ඩුව බලයට පත්වීමේදී සඳහන් කරනු ලැබුවේ තමන් පොදු ජනයාගේ ආණ්ඩුවක් බවයි. ප්රජාතන්ත්රවාදය තවදුරටත් රට තුළ ස්ථාපිත කරන බවයි. එසේ කීවද මීට දින කිහිපයකට පෙර, 2012 වර්ෂයේදී වැලිකඩ බන්ධනාගාරය තුළදී සිරකරුවන් කිහිපදෙනෙකු අමු අමුවේ ඝාතනය කිරීමට චෝදනා එල්ල වූ එමිල් රංජන් ළමාහේවාට අධිකරණ ඇමති හිස නමා සම්මාන ප්‍රධාන කිරීම විසින් කියාපානුයේද මෙම ආණ්ඩුවේ ප්රජාතන්ත්රවාදය පිළිබඳ දැක්මේ තරමයි. රජ්‍ය මර්දන යාන්ත්‍රණයේම ක්‍රියාවක් වන මෙවැනි ශිෂ්‍ය අයිතිවාසිකම් උල්ලංඝණය කරමින් ශිෂ්‍ය සංගම් රැස්වීම් තහනම් කිරීම අප අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස තරයේ හෙළා දකිමු. වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුවට මෙලෙස සිදුවන අත්තනෝමතික මැදිහත්වීම් නොදැක්කා සේ සිටිය නොහැක. මෙයට “අපේ කිසිඳු සම්බන්දයක් නොමැති” බව පවසා ඇඟ බේරා ගැනීම නවතා මෙලෙස විශ්වවිද්‍යාල තුළ පරිපාලනයන් විසින් සිදුකරන අත්තනෝමතික මැදිහත්වීම් මොහොතක්වත් ප්‍රමාද නොවී වහා නතර කළ යුතුය.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය