රට තුළ උපත් අනුපාතිකය අඩුවීමට පිළියමක් වශයෙන් විශ්වවිද්‍යාල සහ අනෙකුත් අධ්‍යාපනික ආයතන වෙත චීන බලධාරීන් අපූරු උපදෙසක් දී තිබේ.
එහි සඳහන් වන්නේ ආදරය සම්බන්ධයෙන් උගන්වන ලෙසයි.
ආදරය, විවාහය, සශ්‍රිකත්වය සහ පවුල සම්බන්ධයෙන් ධනාත්මක දේ සිසු සිසුවියන් ට ඉගැන්වීම මගින් චීනය මුහුණ දෙන අඩු උපත් අනුපාතිකයට ප්‍රතිකර්මයක් සපයාගත හැකි බව එරට බලධාරීන් පවසයි.