මෙම වසරේ ජනවාරි පළමුවනදා සිට ඔක්තෝබර් මස 25 දක්වා කාලය තුළ මාරක රිය අනතුරු 1818ක් සිදුව ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
එම අනතුරුවලින් පුද්ගලයන් 1898 දෙනෙකු මියගොස් තිබේ.
මියගිය පුද්ගලයන් 1898න් 676ක් පදිකයන්ය.
එම කාලය තුළ බරපතළ තුවාල ලැබු රිය අනතුරු 4133ක් වාර්තා වී තිබේ. සුළු තුවාල අනතුරු 7146ක් වාර්තා වී ඇත බව එහිදී පැවසීය.
මාරක රිය අනතුරු 1818න් යතුරුපැදිකරුවන් 583ක් මිය ගොස් තිබේ.
එහිදී පසුපැදිකරුවන් 128ක් මියගොස් තිබේ.
මාරක අනතුරුවලින් රථවාහන රියදුරන් 135ක් සහ වාහනවල ගමන් ගත් මගීන් 249ක් මියගොස් තිබේ.
එහිදී පාපැදිකරුවන් 123 දෙනෙකු මියගොස් ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.