27 C
Colombo
06/11/2024

පාම් ඔයිල් බදු අඩුකරගන්න ව්‍යාපාරිකයෝ වලිකති

Share with your friends :

පාම් ඔයිල් ආනයනය සඳහා වන බදු අඩු කර ගැනීම සඳහා මෙරට ප්‍රධාන පෙලේ පාම් ඔයිල් ආනයනකරුවන් කීපදෙනෙකු මේ වන විට රජයේ ඇමතිවරුන්ට හා මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් වෙත විවිධ බලපෑම් එල්ල කරන්නට පටන් ගෙන තිබේ.
ශරීරයට අහිතකර වීම හා බොහෝ රෝගාබාධ සඳහා හේතුවක් බව පැවසෙන පාම් ඔයිල් භාවිතය අඩු කිරීම සඳහා රජය විසින් පොල් තෙල් වල ආනයන බදු අඩුකර පාම් ඔයිල් ආනයන බදු වැඩි කරන ලදී. මේ හේතුවෙන් පාම් ඔයිල් මිල වැඩිවීමත් සමග ජනතාව පාම් ඔයිල් වලින් ඈත්ව පොල් තෙල් භාවිත කරන්නට පෙළඹෙනු දැක ගත හැකිවිය.එසේම ශරීර සෞඛ්‍යට අහිතකර පාම් ඔයිල් වෙනුවට අනයනකරුවන්ද වැඩි වශයෙන් පොල්තෙල් ආනයනය කිරීම සඳහා කටයුතු කරන ලදී. මේ නිසා පාම් ඔයිල් වලට ඇති ඉල්ලුම අඩුවීමත් සමග පාම් ඔයිල් ආනයන සමාගම්වලට ලාභ අඩුවීම නිසා කෙසේ හෝ පොල්තෙල් බදු වැඩි කර පාම් ඔයිල් බදු අඩු කරගන්නට ව්‍යාපාරිකයන් පිරිසක් විසින් මේ වන විට විශේෂ වැඩපිළිවෙලක් දියත් කර තිබේ. එහි එක පියවරක් ලෙස පාම් ඔයිල් ශරීරයට අහිතකර නොවන බවට ප්‍රචාරාත්මක වැඩ සටහන් දියත් කර තිබේ.
කටුපොල් හෙවත් පාම් ඔයිල් වගාව ශ්‍රීලංකාව තුල තහනම් කිරීම සඳහා රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබියදීත් තවමත් ඇතැම් සමාගම් හොර රහසේ කටුපොල් වගාව සිදු කර ගෙන යයි. මේ හේතුවෙන් එම ප්‍රදේශ වල පස නිසරු වන තර දිය උල්පත් සිඳී යාමද සිදුවේ. කටු පොල් හෙවත් පාම් ඔයිල් වැවීම තහනම් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේද සඳහන් වූ අතර ජනාධිපතිවරයාගේ පසුගිය රාජාසන කතාවෙද ඒ බව සඳහන් විය.කටුපොල් වගාව විශාල වශයෙන් ලාභ ගෙන දෙන ව්‍යාපාරයක් වන අතර එම නිසා මෙරට මහාපරිමාණ ධනවත් ව්‍යාපාරිකයෝ ගනනාවක් මේ ව්‍යාපාරයෙහි යෙදී සිටිති.

Share with your friends :