27 C
Colombo
19/10/2024

ශ්‍රීලංකන් ගුවන්සේවය විකුණන්නේ නැති බව සරත් ගනේගොඩ පවසයි

Share with your friends :

ශ්‍රීලංකන් ගුවන්සේවය විකිණීම සඳහා තිබු සැලසුම අත්හැර දැමීමට ශ්‍රී ලංකාවේ නව රජය කටයුතු කර ඇති බව එම සමාගමේ නව සභාපති සරත් ගනේගොඩ මහතා පවසයි.
සරත් ගනේගොඩ හේලීස් සමාගමේ විධායක අධ්‍යක්ෂවරයාය.

එහි සඳහන් වන්නේ එම ආයතනය වඩා ලාභ ලබන ගුවන් සේවයක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම් කරන බව ගනේගොඩ මහතා පැවසූ බවයි.

වර්ෂ ගණනාවක් පුරා ශ්‍රීලංකන් ගුවන්සේවය පාඩු ලැබීම හේතුවෙන් පසුගිය රජය විසින් එහි කොටස් මිලදී ගැනීම සහ කළමනාකරණය සඳහා ලංසු කැඳවා තිබුණි.

එම සැලසුම යටතේ ගුවන්සේවයේ කොටස් 51% රජය යටතේ තබාගෙන ඉතිරි කොටස් 49% ආයෝජකයින්ට විකීනමට නියමිතව තිබුණි.

ඒ සඳහා පාර්ශ්ව 6ක් සිය කැමැත්ත දන්වා තිබූ නමුත් එම ක්‍රමවේදයේ ඊළඟ පියවර සඳහා ඉන් කිසිවෙකුත් සුදුසුකම් නොලැබීය.

මේ අතර 2022 අප්‍රේල් සිට 2023 මාර්තු දක්වා වූ කාලය සඳහා මෙහෙයුම් ලාභයක් වාර්තා කිරීමටද ශ්‍රීලංකන් ගුවන් සේවය සමත් වුණි.

එහි එකතුවී ඇති ණය ඩොලර් බිලියන 1.2ක් ලෙස දැක්වෙයි.

ගනේගොඩ මහතා පවසා ඇත්තේ ශ්‍රීලංකන් ගුවන් සේවය මෙරට සංචාරක කර්මාන්තය වර්ධනය කිරීම සඳහා වැදගත්ම සාධකයක් බවයි.

මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් 50%ක් පමණ එන්නේ ශ්‍රීලංකන් ගුවන්සේවය භාවිත කිරීමෙනි.

2024 සඳහා සංචාරකයින් මිලියන 2.3ක් ඉලක්ක කරන ශ්‍රී ලංකාව 2030 වනවිට එම ප්‍රමාණය මිලියන 3 දක්වා ඉහළ දමාගැනීමට සැලසුම් කරයි.

Share with your friends :