27 C
Colombo
19/10/2024

බිලියන 95ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්. පොලී අනුපාත පහළට

Share with your friends :

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (15) දින රු. මිලියන 95,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබුණි.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පවසන්නේ අදාළ වෙන්දේසිය සඳහා රු. මිලියන 253,675 ක ලංසු ප්‍රමාණයක් ලැබී තිබුණු බවයි.

මෙම වෙන්දේසියේ දී භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතිකයින් හි පැහැදිලි පහළ යාමක් දක්නට ලැබීම විශේෂත්වයකි. එහිදි දින 91, 182 හා 364 යන පරිණත කාල තුනටම අදාළව බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන් 10% මට්ටමෙන් පහළට පැමිණ තිබුණි.

Share with your friends :