27 C
Colombo
19/10/2024

ප්‍රතිසංස්කරණ නැත්නම් ආර්ථිකය අනතුරේ – ලෝක බැංකුව

Share with your friends :

ආර්ථික ව්‍යුහයේ සිදුකරන අඛණ්ඩ ප්‍රතිසංස්කරණ (ආර්ථිකයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ) මත ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායිතාව පවත්වා ගැනීම රඳාපවතින බව ලෝක බැංකුව කියයි.

මේ අනුව රටේ අවදානමට ලක්විය හැකි සීමාවක සමස්ත ආර්ථිකයේ ස්ථායිතාව පවතින බවත් ලෝක බැංකුව කියයි.

සාර්ථක ණය ප්‍රතිව්‍යුහගත කිරීම, මධ්‍යකාලීන ආර්ථික වර්ධනය වැඩිකිරීම සහ දුප්පත්කම අඩුකිරීම සඳහා ක්‍රියාත්මක කරන අඛණ්ඩ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මත එම ආර්ථික ස්ථායිතාව රඳාපවතින බවටත් ලෝක බැංකුව අනතුරු අඟවයි.

ලෝක බැංකුව නිකුත් කළ ‘ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම’ නම් නවතම වාර්තාවේ මේ බව සඳහන් වේ.

ආර්ථිකයේ ප්‍රධාන අභියෝගවලට විසඳුම් සෙවීම ඉලක්ක කරගත් ප්‍රධාන ප්‍රතිසංස්කරණ වඩා පැතිරුණු සහ තිරසාර වර්ධනයක් සඳහා වැදගත් බවද එම වාර්තාවේ සඳහන් වේ.

Share with your friends :