27 C
Colombo
20/10/2024

නව රජය බලයට පත්වීමෙන් පසු මේ ද වෙළෙඳපොළෙන් භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු හරහා ලබා ගෙන ඇති මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 442.5 ක

Share with your friends :

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (11) දිනයේ දී රු. බිලියන 95 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් කැඳවා තිබුණි.

එහිදී 2028 මාර්තු 15 දින කල්පිරෙන ආකාරයෙන් රු. බිලියන 70 ක බැඳුම්කර ප්‍රමාණයක් සහ 2032 ඔක්තෝබර් 01 වැනි දින කල්පිරෙන ආකාරයෙන් රු. බිලියන 25 ක බැඳුම්කර ප්‍රමාණයන් නිකුත් කර ඇති බව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම නිකුතු සඳහා පිළිවෙලින් රු. බිලියන 215.73 ක් සහ රු. බිලියන 62.15 ක් බැගින් ඉහළ ලංසු ප්‍රමාණයක් ලැබී තිබුණි.

මෙය නව රජය බලයට පත්වීමෙන් පසු පවත්වන ලද පළමු බැඳුම්කර නිකුතුවයි.

මේ අතර පසුගිය ඔක්තෝබර් 09 වැනි බදාදා පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රු. බිලියන 85 ක බිල්පත් ප්‍රමාණයක් නිකුත් කර තිබුණි. එය නව රජය බලයට පත්වීමෙන් පසු පවත්වන ලද තෙවැනි භාණ්ඩාගාර බිල්පත් නිකුතුව වන අතර ඊට පෙර ඔක්තෝබර් 02 වැනි දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රු. බිලියන 142.5 ක් සහ සැප්තැම්බර් 25 දින පැවති වෙන්දේසියේ දී රු. බිලියන 120 ක් ලෙසින් වන පරිදි භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණි.

ඒ අනුව නව රජය බලයට පත්වීමෙන් පසු මේ දක්වා දේශීය වෙළෙඳපොළෙන් භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු හරහා ලබා ගෙන ඇති මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 442.5 ක් ලෙසින් වාර්තා වේ.

Share with your friends :