27 C
Colombo
01/11/2024

සජබයට එක්වන්නැයි අකිලට-නවීන්ට-ආශුට එජාප බල මණ්ඩලවලින් බලපෑම්

Share with your friends :

සිලින්ඩරයෙන් තරග නොකර සමගි ජන සන්ධානය සමග සන්ධාන ගතවන ලෙස අකිල විරාජ් කාරියවසම් , නවීන් දිසානායක , අශු මාරසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් රැසකට එජාප පාක්ෂිකයන්ගෙන් බලපෑම් එල්ලවී තිබේ.
මෙයින් වැඩිම බලපෑම් එල්ලවී ඇත්තේ අකිල විරාජ් කරියවසම්හට බව පැවසේ. මෙවර ජනාධිපතිවරනයේදී කුරුනෑගල දිස්ත්‍රික්කයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට 146,000 ක ඡන්ද ප්‍රමාණයක් ලැබුණු අතර මෙවර මහා මැතිවරණයේදී එයින් තුනෙන් එකක පමණ එනම් ඡන්ද පනස් දහසක් ලබා ගත්තද පහසුවෙන් පාර්ලිමේන්තුවට යාමේ අවස්ථාව අකිලට හිමිවනු ඇත. එහෙත් කුරුනෑගල දිස්ත්‍රික් එජාප නායක අකිල හට එජාප කුරුනෑගල බල මණ්ඩල රැසක්ම පෙන්වාදී ඇත්තේ බෙදී වෙන්ව තනිව ජයග්‍රහණයට වඩා එක්ව තරග කිරීම වඩා වැදගත් බවය. එජාපය හෝ අලියා දෙකම නොමැතිව තරග කිරීම පිළිගත නොහැකි බවත් එසේම සිලින්ඩරය හා එක්ව සිටින චෝදනා ඇති පිරිස සමග තරග කිරීමට වඩා එජාප සාමාජිකත්වයට සමීප සජබ සමග සන්ධාන ගතවීම සුදුසු බවත් එජපා බල මණ්ඩල ප්‍රබලයන් පෙන්වාදී තිබේ.

Share with your friends :