27 C
Colombo
04/10/2024

බිත්තර ගෙන්වා බිලියන ගණන් හොරකම්කල දේශපාලකයා-STC හොරු තවමත් නිදැල්ලේ

Share with your friends :

බිත්තර මිල නව රජය පත්වූ වහාම අඩුවුයේ පසුගිය රජයේ ප්‍රබල දේශපාලනඥයන් ඍජුවම බිත්තර මාෆියාවට සම්බන්ධව කටයුතු කල නිසාය. ඉන්දියාවේ ඉන්දියානු රුපියල් පහක් වූ බිත්තරය ලංකාවට ගෙන ආවේ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ( STC )හරහාය. ඊට රුපියල් පහළොවක් වැයවෙද්දී එය අලෙවිකලේ රුපියල් 45 ත් 60 ත් අතර මුදලකටය. බිත්තර ගෙන්වා රුපියල් 20 කට අලෙවි කරන්නට පිටකොටුව තොගවෙළඳුන් අවසර ඉල්ලදී එම අවසරය නොදී බිත්තර අලෙවියෙන් බිලියන ගණනක් උපයා ගත්තේ දේශපාලකයන්ය. ඒ ගැන පාරිභෝගික අධිකාරිය කිසිදු අවධානයක් යොමු කලේ නැත. එහෙත් නව රජය පත්වී ඇතත් තවමත් පාරිභෝගික අධිකාරියේ ප්‍රබලයන් එම පුටුවල එලෙසමය.
බිත්තර මගඩිය ගැන හඬ නැගු මාධ්‍යවේදීන්ගේ පවුලේ සාමාජිකයන්ගෙන් පළිගත් අතර එම රජයේ සේවකයන් සතිපතා ස්ථාන මාරුකර සේවයෙන් ඉවත් කරන ලද්දේ කිසිදු නීතිරීතියක් හෝ මානව හිමිකමක් කිසිසේත් නොතකමිනි.

Share with your friends :