කොරෝනා ආසාදිත මවක් ද සොයිසා කාන්තා රෝහලේ දී නිවුන් දරුවන් සිව්දෙනකු අද (17) බිහි කර තිබේ,
පිරිමි දරුවන් දෙදෙනෙක් සහ ගැහැනු දරුවන් දෙදෙනෙක් මෙසේ අදාළ මව විසින් බිහි කර තිබේ.
මරදාන කුප්පියා වත්ත ප්‍රදේශයේ වයස අවුරුදු 29 ක මවකගේ ප්‍රථම දරු ප්‍රසූතිය ලෙස මෙම සිවුනිවුන් දරුවන උපත ලබා ඇත.
සති 30 ක් වැනි අඩු කාලයක් සම්පූර්ණ කර ඉපදුණු මෙම දරුවන් සිව් දෙනා සහ මව හොද සනීපයෙන් සිටින බවත් ඔවුන් නව ජන්ම දැඩි සත්කාර ඒකකයේ සහ සාමාන්‍ය දැඩි සත්කාර ඒකකයේ රදවා සිටින බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
previous post