27 C
Colombo
22/09/2024

අනෙක් පාක්ෂිකයාවත් දිනාගන්න ඕනේ – අනුර

Share with your friends :

ජනතාව තමා කෙරෙහි තබන විශ්වාසය අනිවාර්යයෙන්ම ආරක්ෂා කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මාවතගමදී අද (17) පස්වරුවේ පැවැති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

“නායකයෝ පත් කරලා ටික දවසක් යද්දි වැරදුණානේ කියලා හිතෙනවා. ජනතාවට තවත් සැරයක් වරද්දන්න අපිට අයිතියක් නැහැ. ඔබ අප පිළිබඳ තබන විශ්වාසය නිසැකවම ආරක්ෂා කරනවා. 21 වනදා අපිට ඡන්දය නොදීපු අයට අපරාදේ කියලා හිතෙන්න ඕනේ. අපේ පාලනයක් යටතේ ටික දවසක් යනකොට ඒ අයට හිතෙන්න ඕනේ ඡන්දෙ දෙන්න තිබ්බේ මාලිමාවට තමයි කියලා. අනෙක් පාක්ෂිකයාත් දිනාගන්න ආණ්ඩුවයක් අපි හදන්න ඕනේ”

මේ අතර ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීම සඳහා තවත් ජන රැලියක් ඊයේ (17) පස්වරුවේ වීරකැටියේදී ද පැවැත්වුණි.

Share with your friends :