27 C
Colombo
22/09/2024

“පුද්ගල ආදායම් බද්ද” පහත හෙළීමට යෝජනාවක් 2025 අයවැයට

Share with your friends :

2025 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සහ පෞද්ගලික සේවකයින්ගේ “පුද්ගල ආදායම් බද්ද” පහත හෙළීමට අදාළ යෝජනාවක් 2025 අයවැයට ඇතුළත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඒ් පුද්ගල ආදායම් බද්ද සංශෝධනය කිරීමට අදාළව රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට රජය විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අතර ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් යෝජනා කර තිබූ සංශෝධනයන් ට සමගාමීව එම බදු අඩු කෙරෙයි.

ඊට අනුව මාසිකව රුපියල් 150,000ක ආදායමක් ලබන අයෙකුගෙන් අයකෙරෙන පුද්ගල ආදායම් බද්ද රු.500කින්, රුපියල් ලක්ෂ 2ක ආදායමක් ලබන අයෙකුගෙන් අයකෙරෙන බද්ද රුපියල් 2,100 කින්, රුපියල් 250,000ක ආදායමක් ලබන අයෙකුගෙන් අයකරන බද්ද රුපියල් 4,800කින් අඩුකිරීමට යෝජනා කර තිබුණි.

එමෙන්ම රුපියල් ලක්ෂ 3ක ආදායමක් ලබන අයෙකුගේ බද්දෙන් රු.8,600ක් සහ රුපියල් 350,000 ආදායම් ලබන්නෙකුගේ බද්දෙන් රුපියල් 16,500ක් වශයෙන් පුද්ගල ආදායම් බදු අඩුකිරීමට යෝජිත ය.

ඊට අමතරව රුපියල් ලක්ෂ 4 සිට මිලියනය දක්වා ආදායම් ලබන පිරිස්වලින් අයකරන පුද්ගල ආදායම් බදුවලින් රු.16,500 බැගින් අඩුකිරීමට මෙමගින් යෝජනා කර තිබේ.

මෙම යෝජනා 2025 අයවැය සම්මතවීමෙන් අනතුරුව 2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත බව රජය නිවේදනය කළේය.

ඒ සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ…

“අද කැබිනට් මණ්ඩලය අයවැය සකසන භාණ්ඩාගාරයට දන්වලා යවන්න තීරණය කළා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා සමග උපයන විට ගෙවීමේ බද්ද පිළිබඳ ජනතාවට සහනයක් දෙන්න. වෘත්තිකයින්ටයි, පෞද්ගලික අංශයේ සේවකයින්ටයි සහනයක් ලබාදෙන්න. ඒ සඳහා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාව පිළිගන්න අද කැබිනට් මණ්ඩලයේදී තීරණය කළා. එම ගැලපුම් ඇතුළත් කරලා අයවැය ලේඛනය හදනවා.

Share with your friends :