27 C
Colombo
23/09/2024

චීන පාසල් බස් අනතුරෙන් සිසුන් 5 ක් ඇතුළු 11 ක් මරුට

Share with your friends :

අඟහරුවාදා උදෑසන නැගෙනහිර චීනයේ පාසලක් ඉදිරිපිට සිදුවූ අනතුරකින් 11 ක් මියගොස් තිබේ. නැවතුමේ සිටි සිසුන් හා දෙමාපියන් රැසක් වෙත බස් රථය පැමිණ ගැටී ඇත.වාර්තා වන පරිදි පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් තවත් 13 දෙනෙකු තුවාල ලැබූහ.
රාජ්‍ය පුවත් ඒජන්සිය වන ෂින්හුවා වාර්තා කළේ ෂාන්ඩොං පළාතේ තායි’අන් නගරයේ පාසලක දොරටුවට ඇතුළු වීමට සිසුන් යමින් සිටියදී උදෑසන 7ට පමණ බස් රථය ගැටී ඇති බවයි.
සිසුන් ප්‍රවාහනය සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද බස් රථය හන්දියකට පිවිසෙද්දී “පාලනය ගිලිහ ඇති” බව ඩොංපිං දිස්ත්‍රික්කයේ මහජන ආරක්ෂක කාර්යාංශය නිවේදනයක සඳහන් කළේය.

එහි සඳහන් වූයේ සිසුන් පස් දෙනෙකු සහ දෙමාපියන් හය දෙනෙකු මිය ගොස් ඇති බවයි. පොලිසිය පැවසූ පරිදි තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකු බරපතල තත්ත්වයේ පසුවන අතර අනෙක් අය ස්ථාවර තත්ත්වයේ පසුවෙති.බස් රථයේ රියදුරු පොලිස් භාරයට ගෙන ඇති අතර අනතුරට හේතුව විමර්ශනය කරමින් පවතියි.
මෑත වසරවලදී චීනය පාසල් දරුවන් ඉලක්ක කරගත් මෝටර් රථ ගැටීම් සහ පිහි ඇනුම් ප්‍රහාර රැසකට මුහුණ දී ඇති අතර, පාසල් බස් රථ සම්බන්ධ මාරාන්තික මාර්ග අනතුරු ද සිදු වී තිබේ.

මාර්තු මාසයේදී, ෂාන්ඩොං හි තවත් නගරයක් වන ඩෙෂෝහි දී මෝටර් රථයක් සිසුන් පිරිසක් වෙත ගැටී පුද්ගලයින් දෙදෙනෙකු මරණයට පත් වූ අතර තවත් හය දෙනෙකු දරුණු ලෙස තුවාල ලැබූ බව රාජ්‍ය මාධ්‍ය එවකට වාර්තා කළේය.

Share with your friends :