27 C
Colombo
22/09/2024

බ්‍රසීලයේ ට්විටර් තහනම් කරයි

Share with your friends :

ඊලොන් මස්ක් ට අයත් එක්ස් (X) හෙවත් ට්විටර් ජාලය සමාජ මාධ්‍ය ජාලය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

එක්ස් සමාජ මාධ්‍ය ජාල ගිණුම් හරහා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවට චෝදනා කරමින් බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය X සමාගමට නියෝග කළේ බ්‍රසීලයට නව නීතිමය නියෝජිතවරයෙකු පත්කරන ලෙසටය.

කෙසේ වුවද එම නියෝගය නියමිත කාලසීමාව තුළ සපුරාලීමට එක්ස් සමාගම අපොහොසත් වීමෙන් එරට ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ගෙන තිබේ.

සාවද්‍ය තොරතුරු පතුරුවා හැරීම සහ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට සහාය දැක්වීම නිසා චෝදනා එල්ල වූ
බ්‍රසීලය තුළ අවහිර කිරීමට එර‍ට අධිකරණය තීරණය කර තිබේ.
විනිසුරු මොරායස් මෙම නියෝග කර තිබෙන අතර එලොන් මස්ක් ඇතුළු X පරිශීලකයින්, විනිසුරුවරයා වාමාංශිකයෙකු ලෙස විවේචනය කර තිබීම ගැන දඩයකටද මුහුණ දුන්නේය.
බ්‍රසීලයේ විදුලි සංදේශ ඒජන්සිය වේදිකාව අත්හිටුවීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වෙන අතර X බ්‍රසීලියානු නීතියට අනුකූල වන තෙක් තහනම පවතිනු ඇතැයි විශ්වාස කෙරේ.
විනිසුරු මොරායස් සමාජ මාධ්‍ය වේදිකා ද ඉලක්ක කර ඇති කුමන්ත්‍රණ උත්සාහයක් සම්බන්ධයෙන් දැඩි විවේචනයක් කළේය.
මින් ඉහත බ්‍රසීලයේ බලධාරීන්ට අනුකූල නොවීම හේතුවෙන් Telegram සහ Whatsapp තහනම් කර තිබුණි.

Share with your friends :