27 C
Colombo
25/09/2024

එජාපයට එකතුවෙන්න තිබූ කාලය පහුවුණා – කබීරි

Share with your friends :

තමාද එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකට එක් විය යුතු බව විශ්වාස කළත් මේ වන විට ඒ සඳහා තිබූ කාලය ඉක්මවා ගොස් ඇති බව සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පැවසීය.

මේ වන විට සමගි ජන බලවේගය, රට ගොඩනැගීම සඳහා වැඩපිළිවෙළක් සමග ශක්තිමත්ව ගොඩනැගී ඇති බවත් ඔහු කියා සිටියේය.

මන්ත්‍රීවරයා එසේ පැවසුවේ තලතා අතුකෝරල මන්ත්‍රීවරියගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අප කළ විමසීමට පිළිතුරු වශයෙනි.

රටට ගැලපෙන ප්‍රතිපත්තියක් අනුව කටයුතු කරන්නේ සමගි ජන බලවේගය බව පැවසු මන්ත්‍රීවරයා, තමා ද එම ප්‍රතිපත්තිය විශ්වාස කරන බව කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ මූලධර්ම පදනම් කොට ගෙන සමගි ජන බලවේගය ගොඩනැගුණා වුණත්, සමගි ජන බලවේගය කටයුතු කරන්නේ නව චින්තනයකට අනුව බව ද ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ තමන් සමගි ජන බලවේගයේ සමග හිඳිමින් ඉදිරි ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේග යේ නායක සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරවීම සඳහා ඉදිරියටත් කටයුතු කරන බවත් පක්ෂය සමග සිටීමට ගත් දේශපාලන ස්ථාවරයේ කිසිඳු වෙනසක් නොවන බවත්ය.

Share with your friends :