27 C
Colombo
23/09/2024

ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය ජනපති රනිල්ට

Share with your friends :

එළැඹෙන ජනාධිපතිවරණයේදී ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට එම පක්ෂයේ ජාතික සභාව අද (18) තීරණය කළේය.

කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවක් පවත්වමින් එම කොංග්‍රසයේ මහ ලේකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා මේ බව අනාවරණය කළේය.

මෙහිදී ජාතික සභාවේ සියලුම සාමාජිකයන් ඒකමතිකව රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර ඇත.

ඒ අනුව ලංකා කම්කරු කොංග්‍රසය සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ගිවිසුමක් ඉදිරියේදී අත්සන් කිරීමටද නියමිත බව ජීවන් තොණ්ඩමන් මහතා මෙහිදී පැවසීය.

Share with your friends :