27 C
Colombo
22/09/2024

රනිල්ට එක්වු පොහොට්ටු මන්ත‍්‍රීවරුන්ගේ ධුර අහෝසිකිරීමේ උත්සහයක්

Share with your friends :

ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට එක්වී සිටින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එම පක්ෂය කටයුතු කරමින් සිටියි.
එම සියලුම මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණ ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව පක්ෂයේ මහලේකම්වරයා සඳහන් කරයි.
මේ වන විටත් ඔවුන්ට ඒ පිළිබඳව දැනුම් දෙමින් ලිපි යොමු කරමින් සිටින බවද මහ ලේකම් සාගරකාරියවසම් මහතා කියා සිටියේය.
විනය පරීක්ෂණවලින් පසු ඔවුනගේ මන්ත‍්‍රී ධුර අහෝසි කිරීමට කටයුතු කිරීමට නියමිතය.
ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් නම් කරන ලද ජනාධිපති අපේක්ෂකයාට සහාය නොදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට මෙම මන්ත්‍රීවරුන්ගෙන ඇති තීරණයට සම්බන්ධයෙන් විනය පරීක්ෂණ ක්‍රියාත්මකයි.
මන්ත්‍රීවරුන් අනූ දෙකකට එරෙහිව මෙසේ විනය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.
ඔවුන් ඉවත් කිරීමෙන් පසු දිස්ත‍්‍රික් මනාප ලයිස්තුවල ඊලගට සිටින අපේක්‍ෂකයන් මන්ත‍්‍රීවරුන් ලෙස නම් කිරීමට නියමිතය.

Share with your friends :