27 C
Colombo
22/09/2024

කිසිවකුට සහය නොදෙන බව මෛත්‍රීපාල කියයි

Share with your friends :

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයෙකුට සහයෝගය දීමට තමා තීරණය කර නොමැති බව
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

එමෙන්ම ඇතැම් මාධ්‍ය හා ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලඥයින් තමා පිළිබඳව කරන ප්‍රකාශ වල කිසිදු සත්‍යක් නොමැති බව ද ඔහු කියා සිටියි.

නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ ඇති වී තිබෙන ගැටළුව මේ වන විට අධිකරණයේ පවත්නා බැවින් අධිකරණය විසින් පක්ෂයේ සභාපතිවරයා කවුද යන්න මෙතෙක් තීන්දුවක් දී නොමැති බව පවසන මෛත්‍රීපාල සිරිසේන, ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව යටතේ සම්පූර්ණ බලතල ඇත්තේ සභාපතිවරයාට බැවින් වෙනත් කිසිදු නිළධාරියකු විසින් කරනු ලබන පත්කිරීම් සහ ගනු ලබන තීරණවල කිසිදු වලංගුභාවයක් නොමැති බවද එකී නිවේදනය මගින් දැනුම්දී සිටියි.

Share with your friends :