27 C
Colombo
23/09/2024

ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 40ක් ඇප තියයි

Share with your friends :

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 40 දෙනෙකු සඳහා ඇප තැන්පත් කර තිබේ.

ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් අපේක්ෂකයන් 22ක්, වෙනත් දේශපාලන පක්ෂක් නියෝජනය කරමින් අපේක්ෂකයෙක් සහ ඡන්දහිමියෙකු විසින් නාමයෝජනා කළ අපේක්ෂකයින් 17 දෙනෙකු ඊට අයත් ය.

ජනාධිපතිවරණයට අදාළව ඇප මුදල් භාර ගැනීමේ කටයුතු ජූලි මස 26වන දින ආරම්භ වු අතර එය අද (14) මධ්‍යාහ්න 12ට අවසන් කෙරුණි.

2024 ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාර ගැනීම හෙට (15) පෙරවරු 9 සිට 11 දක්වා මැතිවරණ කොමිෂන් සභාවේදී සිදු කෙරේ.

එම කාලසීමාව ඇතුළත මැතිවරණ කොමිෂන් සභාව පිහිටි සරණ මාවත ආශ්‍රිත ප්‍රදේශය විශේෂ ආරක්ෂක කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර, ඒ ආශ්‍රිත මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මකය.

Share with your friends :