සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද පැවැති අවසන් මහ තරගයේදී ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 53 කින් පරාජය කරමින් යාපනය ස්ටැලියන්ස් ක්‍රීඩකයෝ එල්.පී.එල්. කුසලාන දිනාගත්හ.
කාසියේ වාසිය දිනා තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සිය පන්දු ඕවර 20 දී කඩුලු 6ක් දැවී ලකුණු 188ක් රැස් කළේය.
ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම වෙනුවෙන් ෂොයිබ් මලික් ලකුණු 46ක් රැස් කළේය.
ඔහු පන්දු 35කදී ලබා ගත් එම ලකුණු සංඛ්‍යාවට 4 පහර 3ක් සහ 6 පහර එකක් ඇතුළත් විය.
ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ නායක තිසර පෙරේරා පන්දු 14කදී ලකුණු 39ක් රැස් කළේය.
ලකුණු 189ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 9ක් දැවී රැස්කළේ ලකුණු 135කි.
පළමු වරට පැවැති මෙම තරගාවලියේ ශූරයන්ට පිරිනැමෙන ත්‍යාග මුදල ඩොලර් ලක්ෂයකි.