27 C
Colombo
24/09/2024

හසීනාගේ අගවිනිසුරුත් ඉවතට – බංග්ලාදේශයට ප්‍රජාතන්ත්‍රවාදී අන්තර් පාලන රජයක්

Share with your friends :

බංගලාදේශයේ අග විනිසුරු අබේයිදුල් හසන් එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.හිටපු අගමැතිනි ෂෙයික් හසීනා ගේ සමීපතම පුද්ගලයකු වූ ඔහු නීති ක්ෂේත්‍රය හිටපු අගමැතිනියගේ අවශ්‍යතාවය පරිදි මෙහෙයවූ බවට චෝදනා රැසකි. එරට සිසුන්හට වීති බසින්නට සිදුවුයේ අධිකරනයෙන්ද සාධාරණයක් ඉටු නොවූ නිසාය.
එරට අරගලකරුවන්ගේ එල්ල වූ දැඩි බලපෑම් හමුවේ මෙම පියවර ගෙන ඇත.

බංගලාදේශයේ ශ්‍රේෂ්ඨාධිකරණය වට කරගත් අරගලකරුවන් විරෝධතාවයක නිරත වී ඇත.

ඒ අග්‍ර විනිශ්චකාරවරයා වහාම දුරයෙන් ඉවත් වන ලෙස බලපෑම් කරමිනි. බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් 7 දෙනාම හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ සමීපතමයන් බවත් පසුගිය කාලය මුළුල්ලේම ඇයට අවශ්‍ය ආකාරයට තීන්දු ලබා දෙමින් එරට ප්‍රජාතන්ත්‍රවාදයට අකුල් හෙලු බවටත් චෝදනා එල්ලවී ඇති අතර ඔවුන් සියලුදෙනාට ඉල්ලා අස්වන ලෙස දැනුම්දී තිබේ.

බංග්ලාදේශ මහා බැංකු අධිපති අබුදුල් රවුෆ් තලුක්ධාර් ද ඉල්ලා අස්වී තිබේ. ඔහුද හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ සමීපතමයකු වූ අතර දේශපාලන පත්වීම් ලද අයෙකි.

බංග්ලාදේශයේ දිළිඳුකම දුරලන්නට කටයුතු කල මොහමඩ් යුනුස් එරට ප්‍රධාන බලවේග සියල්ලේම එකඟතාවය මත භාරකාර රජයේ ප්‍රධානියා ලෙස පත් කර ඇති අතර හැකි ඉක්මනින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මහා මැතිවරණයක් පැවැත්වීමට නියමිතය.

Share with your friends :