27 C
Colombo
25/09/2024

සුමන්තිරන් සහ නාමල් සාකච්ඡා කරයි

Share with your friends :

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඒ, එම්. ඒ. සුමන්දිරන්ගේ කොළඹ පිහිටි නිවසේදීය.

එම හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් ද සහභාගී වී ඇත.

වත්මන් දේශපාලන තත්ත්ත්වය පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇතැයි වාර්තා වෙයි.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සමග ඉදිරියේදී සාකච්ඡා කිරීමට තමා අපේක්ෂා කරන බව නාමල් රාජපක්ෂ එහිදී ප්‍රකාශ කළ බව එම්. ඒ. සුමන්තිරන් පැවසීය.

ටීඑන්ඒ තීරණය අගෝස්තු 11

ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබා දෙන්නේ කිනම් අපේක්ෂකයාට යන්න පිළිබඳ තීරණයක් ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ඉලංකෙයි තමිල් අරසු පක්ෂය අගෝස්තු 10 හා 11 දින රැස් වී සාකච්ඡා කිරීමට නියමිතය.

එම සාකච්ඡාවෙන් පසු එම පක්ෂයේ තීරණය අගෝස්තු 11 දින ප්‍රකාශ කිරීමට නියමිතය.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එඒ සුමන්තිරන් උතුරෙන් දෙමළ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ තීරණයට විරුද්ධ බව පසුගිය දිනවල ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළ අතර එම පක්ෂයෙන්ද අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන බව කීවේය.

දෙමළ ජනතාවගේ ගැටලු විසඳීම සඳහා වන සිය ඉල්ලීම් සම්බන්ධයෙන් දකුණේ ප්‍රධාන අපේක්ෂකයන් දක්වන ප්‍රතිචාර සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවද එම ඒ සුමන්තිරන් කීවේය.

Share with your friends :