27 C
Colombo
25/09/2024

ජපානයට භූමිකම්පා අවදානම නිසා අගමැති විදෙස් ගමන් අත්හිටුවයි

Share with your friends :

කුමන හෝ අවස්ථාවක ජපානයේ පැසිෆික් වෙරළට ඔබ්බෙන් “දරුණු භූමි කම්පාවක්” ඇතිවීමේ අවදානමත් තිබෙන බවට විශේෂඥයින් කල අනතුරු හන්ගවීමත් සමග ජපාන අගමැතිවරයා තම විදේශ සංචාර දෙකක් අවලංගුකර තිබේ.
දකුණු දෙසින් පිහිටි ප්‍රධාන දූපතක් වන කියුෂු හි රික්ටර් ඒකක 7.1 ක භූමිකම්පාවක් පසුගිය බ්‍රහස්පතින්දා ඇතිවූ අතර පසුව සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුණත් මරණ හෝ විශාල හානියක් වාර්තා වී තිබුනේ නැති අතර “මෙගා භූමි කම්පාවක්” ගැන අනාවැකිය මතුවන්නේ එම භූමිකම්පනය සිදුවීමෙන් පසු විද්‍යාඥයින් කළ වැඩිදුර විමර්ශන වලිනි.

නව භූමි කම්පා අනතුර ඇඟවූ පසු ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා මෙම සති අන්තයේ මධ්‍යම ආසියාවේ දමාගෙන තිබූ සංචාරය අවලංගු කර තිබේ . ඔහු සිකුරාදා සවස කසකස්තානයේ සමුළුවකට හා සඳුදා සවස උලාන්බාතාර්හිදී මොන්ගෝලියානු ජනාධිපතිවරයා හමුවීමට නියමිතව තිබූ බව කියෝඩෝ ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.
ජපාන ජාතික රූපවාහිනිය වන NHK පැවසුවේ කිෂිඩාගේ විදේශ සංචාරය අවලංගු කර ඇති නිසා ඔහුට ඕනෑම සිදුවීමකට සූදානම් විය හැකි බවයි.

Share with your friends :