දකුණු ජපාන වෙරළ තීරයට ඔබ්බෙන් රික්ටර් මාපකයේ 7.1 ක ප්‍රබල භූකම්පනයක් සිදුව ඇත.
මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට එරට කාලගුණවිද්‍යා ඒජන්සිය කටයුතු කළේය.
ජපානයේ කුශු දූපතට නැගෙනහිර වෙරළ ආසන්නයේ කිලෝමීටර් 30ක් පමණ පොළොව අභ්‍යන්තරයේ එම කම්පනය සිදුවී තිබුණි.
මෙම භූකම්පනය හේතුවෙන් කුශු දූපතට සහ ශිකොකු දූපතට මීටරයක් පමණ උසැති සුනාමි රැලි ඇති වෙතැයි අනුමාන කර තිබේ.
මෙය ප්‍රබලම භුමිකම්පාවක පෙර නිමිත්තක් ලෙස ජපාන භූවිද්‍යාඥයින් අනතුරු හඟවා ඇත. එය ඒකක 8 හෝ 9 ක් තරම් ප්‍රබල විය හැකි බවද එයින් ලක්ෂ දෙකක පමණ ජනතාවක් මිය යාහැකි බවද අනතුරු හඟවා තිබේ.