27 C
Colombo
24/09/2024

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නාමල්

Share with your friends :

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (පොහොට්ටුව) ජනාධිපති අපේක්ෂක ලෙස එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ නම් කිරීමට තීරණය කර ඇත.

පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමේ උත්සවය එම පක්ෂයේ උත්තරීතර නායක, මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරුවේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පොහොට්ටු පක්ෂ මුලස්ථානයේදී සිදුවිය.

එහිදී නාමල් රාජපක්ෂගේ නම යෝජනා කරනු ලැබුවේ ඔහුගේ පියාණන් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසිනි.

නාමල් රාජපක්ෂ ගේ නම ප්‍රකාශයට පත්කිරීමට අදාල හේතු පාඨය එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් විසින් ප්‍රකාශයට කරනු ලැබිය.

පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා ලෙස ද කටයුතු කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන නාමල් රාජපක්ෂ මහතා පසුගිය පොදුජන පෙරමුණු ආණ්ඩුවේ ක්‍රීඩා යෞවන කටයුතු අමාත්‍ය ධූරය ඇතුළු අමාත්‍ය ධූර කීපයක කටයුතු කළේය.

තිස්අටවැනි වියේ පසුවන නාමල් රාජපක්ෂ මහතා 2010 මහ මැතිවරණයේදී පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්විය.

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ ආදි සිසුවෙක් වන නාමල් රාජපක්ෂ මහතා දක්ෂ රග්බි ක්‍රීඩකයෙකි. ඒ මහතා ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ නායකත්වය ද දැරිය.

Share with your friends :

Related posts

තරුණ ලක්ෂ 36ට රැකියා සම්පාදනය නොකර ආර්ථිකය ගොඩනැගීම ගැන කවර කථාද?

Channel News Lanka

ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා – මහින්ද රාජපක්ෂ හමුවෙලා

Channel News Lanka

ෆොන්සේකාත් ඇප තියයි

පාලකයා විසින්ම ශ‍්‍රී ලංකා රාජ්‍යය විදේශ ආධිපත්‍යයට යට කිරීමේ මහා සැලසුමක්..

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් මැතිවරණ කොමිසම හමුවට

සජිත් ඇප මුදල් තැන්පත් කරයි

පොහොට්ටුවේ තීරණයට පාක්ෂිකයා විරුද්ධයි-ෂෙහාන් සේමසිංහ

Channel News Lanka

පොහොට්ටුව තනිව ගමනකට සූදානම්-මන්ත්‍රීවරු 11 ක් රනිල්ට

Channel News Lanka

ජනපති කතානායක – අගවිනිසුරු අමතයි