27 C
Colombo
25/09/2024

පොහොට්ටුවෙන් ගිය රටට ආදරේ අය නැවත එයි

Share with your friends :

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර ගිය රට ආදරය කරන සියලු දෙනා නැවත පක්‍ෂයට සම්බන්ධ වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් මහජන නියෝජිතයන් පිළිබඳව නොව රටේ පුරවැසියන් පිළිබඳව විශ්විස තබා ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා අද (6) පැවසීය.

පොහොට්ටුව ඉදිරිපත් කරන ජනාධිපති අපේක්‍ෂකයා මෙරට නවවැනි විධායක ජනාධිපතිවරයා බවත් නාමයෝජනා ඉදිරිපත් කර සතියක් යන විට රටේ බහුතරයක් ඔහුට සහයෝගය පළකරනු ඇති බවත් සාගර කාරියවසම් මහතා කීය.

පොදුජන පෙරමුණට පුද්ගලයන් සමඟ තරගයක් නොමැති මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා සහ පොහොට්ටුව අතර ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් ඇති බවත් වර්තමාන ජනාධිපතිවරයා තාවකාලිකව පත්කළ කෙනෙක් බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Share with your friends :