27 C
Colombo
24/09/2024

ශෙහාන් සේමසිංහ පොහොට්ටුවේ මහලේකම්ට ලියයි

Share with your friends :

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පසුගියදා යොමුකළ ලිපියට ප්‍රතිචාර දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඔහු වෙත ලිපියක් යොමුකර තිබේ.

එමඟින් ඔහු පෙන්වා දී ඇත්තේ පක්ෂයේ දේශපාලන මණ්ඩලය ජුලි 29 වැනිදා සම්මත කරගත් යෝජනාවට පාක්ෂිකයින් සහ තමා බැඳී නොසිටින බවය.

එබැවින් ගනු ලබන විනය ක්‍රියාමාර්ගවලට විරුද්ධව කටයුතු කරන බවටත්, රට හමුවේ පවතින අභියෝගය හමුවේ නිවැරදි තීන්දු තීරණ ගැනීමට පසුබට නොවන බවත් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සිය ලිපියෙන් වැඩිදුරටත් දන්වා තිබේ.

එම ලිපියේ මෙසේද සඳහන්වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සාමාන්‍ය තීන්දු තීරණ ගැනීමේදී රටේ පවතින වාතාවරණය අභියෝග හා මහජනතාවගේ සුබසාධනය මෙන්ම රටේ අනාගතය පිලිබඳව සලකාබැලීම සිය මුලික ප්‍රතිපත්තිය කරගත් පක්ෂයකි.

සාමන්‍යයෙන් පක්ෂයේ තීන්දු ගැනීමේදී පක්ෂය නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු කණ්ඩායම, පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සන්සදය සහ ආසන හා දිස්ත්‍රික් බලමණ්ඩල වල මත විමසා තීරණ වලට එළඹීම සිදු කරනු ලබයි.

2022 වර්ෂෙය්දී සිදුවූ ආර්ථික අවපාතය හේතු කොට ගෙන ගනු ලැබූ තීන්දුවක් මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහාය දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය සමග රැඳීසිටීමට සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පක්ෂ යාන්ත්‍රනය කටයුතු කරන්නට යෙදුනි.

කරුණු එසේ තිබියදී පක්ෂ තීන්දු තීරණ ගැනීමේ සම්ප්‍රදායට හා ක්‍රියාකලාපයට හාත්පසින්ම වෙනස්ව අත්තනෝමතික ලෙස තෝරාපත්කරගන්නා ලද උද්දේෂිත දේශපාලන මණ්ඩල රැස්වීමකදී ගන්නා ලදැයි කියනු ලබන තීරණය කිසිසේත්ම පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයට සහ ස්වභාවික යුක්ති මුලධර්මයන්ට අනුකුල නොවන බව ඔබට පැහැදිලිව පෙනී යනු ඇතයි විශ්වාස කරමි.

එම නිසා රට හමුවේ ඇති අභියෝග පිළිබඳව සහ පාක්ෂිකයන්ගේ හා පක්ෂයේ සුබ සිද්ධිය පසෙකලා පක්ෂයේ කිහිපදෙනකුගේ පෞද්ගලික අරමුණු මුදුන්පත් කරවාගැනීම සඳහා 2024.07.29 වන දින සම්මත කරගත්තායැයි කියනු ලබන උද්දේෂිත යෝජනාවෙන් පාක්ෂිකයන් සහ මා බැඳී නොසිටින බව ප්‍රකාශ කර සිටිමි.

එමනිසා ගනු ලබන කිසියම් උද්දේෂිත විනය ක්‍රියාමාර්ගයකට විරුද්ධව කටයුතු කරන බවටත් දිගින් දිගටම රට ඉදිරියේ තිබෙන අභියෝගය හමුවේ නිවැරදි තීන්දු තීරණ ගැනීමට පසුබට නොවන බවටත් කාරුණිකව දන්වා සිටිමි

Share with your friends :