27 C
Colombo
22/09/2024

SRILANKAN-ෆිට්ස් එයාර් ලොක්කෝ දෙන්නා හොරෙන් හම්බෙන හැටි UNION වලට මාට්ටු

Share with your friends :

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නඩාල් සහ ෆිට්ස් එයාර් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී පීටර් හිල් පසුගිය දිනවල කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී හමුවීම පසුපස ශ්‍රීලන්කන් ගුවන් සේවය ෆිට්ස් එයාර් වෙත කවරාකාරයෙන් හෝ ලබා දීමේ අවදානමක් ඇතැයි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ වෘත්තීය සමිති නායකයෝ සැක පහල කරති.
පීටර් හිල් යනු ශ්‍රීලන්කන් ගුවන් සේවය එමිරේට්ස් පාලන සමයේ ප්‍රධාන විධායක නිලධාරියා වේ.
ඔහු මේ වන විට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරයි.
ෆිට්ස් එයාර් ශ්‍රීලාංකික ගුවන් සේවයක් වුවද ඩුබායි හි ලියාපදිංචි කර ඇති අතර මේ නිසා ශ්‍රීලන්කන් ගුවන් සේවයේ සේවකයන්ගෙන් මෙන් වැටුපෙන් බදු කැපීමක් සිදු නොවන අතර මේ නිසා පසුගිය කාලය පුරා ශ්‍රීලන්කන් පළපුරුදු සේවකයන් විශාල පිරිසක් ඊට එක්වුහ.
ගුවන් යානා කීපයක් පමණක් ඇති ෆිට්ස් එයාර් මේ ආකාරයට සේවකයන් එක්රැස් කරන්නේ කුමක් සඳහාද යන්න ගැටළුවක් බවත් මේ වන විට ශ්‍රීලන්කන් පරිපාලනය එහි වෘත්තිකයන් අතර ගැටුම් ඇතිවන ආකාරයට තීරණ ගනිමින් සිටින බවටත් , පලපුරුදු සේවකයන් ගුවන් සේවය අතහැර යන විට ඊට පිළියම් නොයොදන බවටත් ගුවන් සේවය ස්වයං විනාශයක් කරා ගෙන යමින් ඇති බවටත් ශ්‍රීලන්කන් වෘත්තීය සමිති චෝදනා කරති.

Share with your friends :