27 C
Colombo
24/09/2024

කුවෙට් සංගීතයකදී ශ්‍රී ලාංකිකයන් 26 දෙනකු අත්අඩංගුවට

Share with your friends :

කුවේට් බලධාරීන් ශ්‍රී ලාංකිකයන් 26 දෙනකු අත් අඩංගුවට ගෙන ඇත. අනවසර ප්‍රසංගයක් පැවැත්වීම මීට හේතුව බව පැවසේ.

“එතෙර අපි සංවිධානයේ” කුවේට් ශාඛාව සංවිධානය කළ “ශ්‍රී ලංකන් සමර් නයිට්ස්” සංගීත ප්‍රසංගයේදී මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස අත් අඩංගුවට ගෙන ඇත.

එලෙස අත් අඩංගුවට ගත් පිරිස අතර ප්‍රසංගයේ සංවිධායකයන් සහ සංගීතවේදීන්ද සිටිති.

මෙම සිදුවීම පිළිබඳව කුවේට් තානාපති කාර්යාලය දැනුවත් කර ඇති බවත් ඉක්මනින් ඔවුන් නිදහස් කර ගැනීමට කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.

Share with your friends :