27 C
Colombo
24/09/2024

ජනපතිවරණයේ ආරක්ෂාවට පොලිසියේ පනස් දාහක්

Share with your friends :

මැතිවරණ රාජකාරී කටයුතු සඳහා පොලිස් නිලධාරින් පනස් දහසක් යෙදවීමට පොලිස් දෙපාර්තමේන්තුව බලාපොරොත්තුවේ.

මැතිවරණ රාජකාරී කටයුතු සඳහා නිලධාරින් යෙදවීම සම්බන්ධයෙන්තොරතුරු වාර්තා සකස් කිරීම ආරම්භ කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

පොලිස් නිලධාරින් වැඩි පිරිසක් යෙදවීමට බලාපොරොත්තු වන්නේ ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහාය.

මෙයට අමතරව ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද සැලකිය යුතු පිරිසක් යෙදවීමට සැලසුම් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Share with your friends :